Post Bottom Ad

Responsive Ads Here

රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමක් ගැන තීරණයක් නැහැ..



ආරක්ෂක ලේකම් මේජර් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ රටේ COVID 19 හා සම්බන්ධ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි සතිය තුළදී සම්පූර්ණ ලොක්ඩව්න් කිරීමක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බවයි.

රට තුළ දින පහක සම්පූර්ණ ලොක්ඩව්න් කිරීමක් ඇතිවිය හැකි බවට පැතිර යන කටකතා කිහිපයක් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහජනයා අතර භීතියක් ඇති කිරීම සඳහා එම කටකතා පැතිරෙමින් පවතින නමුත් රජය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

අධික ලෙස බෝවන COVID 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ. මහජනතාවගේ සහය ඇතිව සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට COVD 19 පැතිරීමේ අවදානම අවම කර ගැනීමට හැකි වූ පසු අපට ඇඳිරි නීතිය ක්‍රමයෙන් ඉවත් කිරීමට හැකි වනු ඇත.

එවැනි කටකතා නිසා ජනතාව නොමඟ යැවිය යුතු නැති බවත්, ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කරන කටකතා පතුරවන්නන් පිළිබඳව පොලිසිය කටයුතු කරන බවත් ගුණරත්න මහතා පැවසීය.
Share on Google Plus

About newssinhala.com

0 comments:

Post a Comment