Post Bottom Ad

Responsive Ads Here

මාර්ග වල ගමන් කිරීමේදී මුහුණු ආවරන අනිවාර්ය්‍යයි.



සෙනසුරාදා (11) සිට බලපැවැත්වෙන පරිදි මාර්ගවල ගමන් කිරීමේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.

COVID 19 මේ වන විට ඇති වී තිබෙන තත්වය හේතුවෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනය වීමට යොමු කර ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව වලංගු ඇඳිරි නීතිය සහිත මාර්ගවල ගමන් කරන සියලු දෙනාට මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්ය කර ඇත.
Share on Google Plus

About newssinhala.com

0 comments:

Post a Comment