Post Bottom Ad

Responsive Ads Here

කොළඹ නාවික හමුදා මහ රෝහලෙන් ඖධධ නිවස් වලට....


කොළඹ නාවික හමුදා මහ රෝහලේ සායනවලට සහභාගී වන විශ්‍රාමික හා සේවය කරන නාවික නිළදාරින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට මාසිකව බෙහෙත් ලබා ගැනීම රටේ පවතින තත්වය බෙහෙවින් බාධාවක් වී ඇති බව සහ මෙම පුද්ගලයින් මුහුණ දී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් නාවික හමුදාව 2020 අපේ‍්‍රල් 08 වන දින එම සාමාජිකයින්ගේ නිවෙස්වලට ඖෂධ බෙදා හැරීමේ වැඩසටහනක් දියත් කළේය.

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි කොළඹ නාවික හමුදා මහ රෝහලෙන් දීර්ඝකාලීන ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම වැඩසටගන ක්‍රියාත්මක් වේ. කොළඹ, ගම්පහා, මහනුවර, කුරුණෑගල, කෙගල්ලේ සහ පොලොන්නරුවා යන ප්‍රදේශවල දියත් කරන ලද මෙම වැඩසටහනේ කොටසක් ලෙස වෛද්‍යවරුන් විසින් අවසන් වරට නියම කරන ලද ඖෂධ පැකේජ 168 ක් ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු ඉදිරිපත් කළ සාමාජිකයින්ගේ නිවෙස්වලට ලබා දෙන ලදී.
Share on Google Plus

About newssinhala.com

0 comments:

Post a Comment