Post Bottom Ad

Responsive Ads Here

පොලීසියෙන් COVID 19 අරමුදලට රු. මිලියන 60ක්



ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු 1200 ක් පමණ ස්වේච්ඡා දායකත්වයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් රැ. මිලියන 10 ක් කොවිඩ් -19 සමාජ ආරක්ෂණ අරමුදලට ඊයේ උදෑසන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා හට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රධානය කරන ලදී

තවද, වැඩබලන පොලිස්පති සී. වික්‍රමරත්න විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අරමුදලෙන් කොවිඩ් -19 අරමුදලට මිලියන 50 ක් ප්‍රධානය කරන ලදී.

අද දහවල් වන විට කොවිඩ් -19 සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු රු. මිලියන 420 කි.

සියලුම පරිත්‍යාගයන් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ අංක 85737373 යටතේ විවෘත කර ඇති විශේෂ ගිණුමට බැර කරනු ලැබේ.

දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන් ද අරමුදලට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර COVඓඪ් - 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලට කරන සියලුම පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ විදුලි පණිවුඩ මාරු කිරීම් මගින් තැන්පතු කළ හැකිය.

වැඩි විස්තර කේ.බී. 0112354354 දුරකථන අංකයෙන් ජනාධිපති මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) අමතා ලබා ගත හැකිය
Share on Google Plus

About newssinhala.com

0 comments:

Post a Comment