Post Bottom Ad

Responsive Ads Here

කොවිඩ් -19 පාලනය කළ පසු සංචාරක කර්මාන්තය නැවත නඟාසිටුවීමට පියවර....


කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් විශාල වශයෙන් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා කෙටිකාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කොරෝනා වයිරස් පැතිරීම පාලනය කිරීමෙන් පසු රජය විසින් යෝජිත සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කලේය.


කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තයට ගෝලීය වශයෙන් විශාල පහරක් එල්ල වී ඇති අතර ආර්ථිකයට එහි බලපෑම බලවත් ය. ශ්‍රී ලංකාව ද එම ඉරණමටම මුහුණ දී සිටී. මේ වන විට රජයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ කොරොනා වයිරස් පැතිරීම නැවැත්වීම බවත් ඔවුන් එය පාලනය කිරීමට සමත් වූ පසු රටේ ආර්ථිකය නඟා සිටුවීමේ සැලසුම රජය විසින් ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය. සංචාරක කර්මාන්තය ද එය නැවත ගොඩනැංවීම සඳහා විශේෂ වැඩසටහන් දියත් කරනු ඇත.


අපේ‍්‍රල් 21 වන දින පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයට විශාල පසුබෑමක් ඇති වූ බව අමාත්‍ය රණතුංග මහතා පැවසීය. කෙසේ වෙතත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගන්නා ලදී. රටවල් 48 ක් සඳහා වීසා බලපත්‍රය දීර්ඝ (extend) කිරීම, සංචාරක බද්ද අත්හිටුවීම සහ සංචාරක හෝටල් සහ වාහන හිමියන්ට සහන ලබා දීමට ගත් තීරණය ඒ අතර විය.


වත්මන් රජය බලයට පත්වූ දා සිට සංචාරකයින්ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ ගොස් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. කෙසේ වෙතත්, කොරෝනා වයිරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සංචාරක කර්මාන්තයට යළිත් බලපෑමක් ඇති විය.


එබැවින් ජනතාව මුහුණ දී සිටින වර්තමාන අර්බුදය රජය විසින් වටහාගෙන ඇති බවත් මෙම අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමක් ලෙස රජය විසින් රු. 5000 ක සහන දීමනාවක් ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇත. සංචාරක ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා කෙටිකාලීන හා දිගු කාලීන යාන්ත්‍රණ ද රජය විසින් සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.
Share on Google Plus

About newssinhala.com

0 comments:

Post a Comment